වසර ගණනාවක් අලුත් කිරීමක් නොකරපු මගේ මේ තාක්ෂණික බ්ලොග් අඩවිය මෙලෙස අලුත් කිරීමට හේතු උනේ බ්ලොග් ලොව දැවැන්තයකු උන විචාරක සර්ගේ හදිසි අභාවය නිසා.එක දිනක් සින්ඩියක තිබිලා එතුමාගේ බ්ලොග් අඩවිය මට හම්බෙනවා..එදා රැය පහන් වෙනතෙක් මම කලේ එතුමාගේ බ්ලොග් අඩවිය අග සිට මුලට කියවපු එක. බ්ලොග් එක්ක පොස්ට් එකකට එතුමා තරම් මහන්සි වෙලා තොරතුරු ඇතුලත් කරපු අයෙක් මට මීට පෙර හමුවෙලා නැ.එතරම් පරිපුර්නයි එතුමාගේ බ්ලොග් අඩවිය.දවසක ගමේ පන්සලේ පින්කමක් ගැන පොස්ට් එකකින් මම දැන ගන්නවා එතුමා අපේ ගම් ප්‍රදේශයේම පුත්ගලයෙකු බව..නමුත් මට එතුමාව email හරහා හැර හමුවන්න අවස්තාවක් නොලැබීම ගැන කනගාටු වෙනවා..එතුමාගේ හිඩැස පුරවන්න කිසිවෙකුට නොහැකි වේවි.ඉපදුන අපි කාටත් කවදාහරි යන්න වෙනවා.. එත් ඔබ තුමා දුන්න දැනුම සදාකල් පවතීවි ... තුමාට නිවන් සුව අත් වේවා !!








Post a Comment

 
Top